ආණ්ඩුව කොතලාවල පනතට එරෙහි වූ කම්කරු නායකයන් දඩයම් කිරීම ආරම්භ කරලා

0
291

පසුගිය අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු පිවිසුම අසලදී කොතලාවල පනතට එරෙහිව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කල උද්ඝෝෂණයට සම්බන්ධ වූ ශිෂ්‍ය  – ආචාර්ය – ගුරු- වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දඩයම් කිරීම ආණ්ඩුව ආරම්භ කොට ඇත.

නිල හා නොනිල වශයෙන් ඔවුන්ගේ නිවෙස්වලට හා ඤාතීන්ගේ නිවෙස්වලට බලපෑම් කිරීමත් තවම අවසන් වී නැහැ. පසුගිය දින කිහිපයේ ලංකා වතු සේවා සංගමයේ චතුර සමරසිංහ , ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ අමිල සඳරුවන් , විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්ය මහීම් මෙන්ඩිස්, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ යන කම්කරු නායකයන් හා ක්‍රියාකාරීන්ගේ කාර්යාලවලට හා නිවෙස්වලට මෙන්ම ඥතීන්ගේ නිවෙස්වලට ද ගොස් සිවිල් කණ්ඩායම් බලපෑම් කරමින් සිටී.

මේ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර තානාපති කාර්යාල, ජාත්‍යන්තර කම්කරු සංවිධාන දැනුවත් කිරීමට සිසු ජන ව්‍යාපාරය ඇතුලු ඒ හා සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියා කරමින් ඇත. ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙත තුළින් පෙනෙන්නේ අදහස් ප්‍රකාශ කිරීම හා ප්‍රජාතන්ත්‍ර බාවය පිළිබඳ ඔවුන්ගේ නොකමැත්ත යි. මේ වන විටත් කොතලාවල පනතට විරුද්ධව උද්ඝෝෂණ කිරීම නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්්‍ය  බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත , සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිනී කෝෂිලා හන්සමාලි ඇතුලු විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය  සංගම් නියෝජනය කල සිසුන් පිරිසක් අනීතික ලෙස අත් අඩංගුවට ගෙන ඇප ලබා නොදෙමින් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටී.

මේ තත්වය අදහස් ප්‍රකාශනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මරු පහරකි. වසංගත තත්වය පාවිච්චි කරමින් හා පොදු දේපල පනත අවභාවිතා කරමින් ආණ්ඩුව ගෙන යන මර්දනයට විරුද්ධව නීති මගින් මෙන්ම ජනතා දැනුවත් කිරීම් මගින්ද මැදිහත් වීමට බලාපොරොත්තු වේ.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here