ආණ්ඩුව කොහේවත් නැති කඩි ගුලකට ඔබාගන දගලනවා

0
321

ආණ්ඩුව මේ වනවිට අර්බුද රැසකට මුහුණ දී සිටීම රහසක් නොවන බවත් කොහේවත් නැති ප්‍රශ්න තියෙන කඩි ගුලකට අත ඔබාගෙන කනවෝ කියමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පවසා සිටියේ අද(31) ඌරගස්මංහන්දිය මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී ඇය විසින් කොම්පෝස්ට් පොහොර වලින් සම්පුර්ණයෙන්ම රටක කෘෂිකර්මය නගාසිටුවිය නොහැකි බවත් මේ පිළිබදව කල්පනා කර බලන ලෙස ජනපති ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද සිදුකරනු ලැබිණි.

එමෙන්ම ගෑස් ප්‍රශ්නය,පොහොර ප්‍රශ්නය වැනි කොහෙවත් නැති ප්‍රශ්න ආණ්ඩුව ඇගේ ගසාගෙන සිටින බවත් ප්‍රධානම දෙය ජනතාවට කන්න දීම බවත් අවධාරණය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here