ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳී ගිහින්

0
317

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දැන් බිදී ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එසේ බිඳී ගිය විශ්වාසය යළි ගොඩනැගීම අභියෝගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නමුත් අවංක උත්සාහයක් දැරුවහොත් එය කළ නොහැකි දෙයක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවෙන් එළියට බැස යාම හරිම ලේසි දෙයක් බවත් තමනට අත හරින්න බැරි දෙයක් නැති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් විපක්ෂය ලෙසින් සටන් කොට ආණ්ඩුව හරි පාරට ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියි.

සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here