Tuesday, November 5, 2024

ආණ්ඩුව දැන් බෙල්ලටම හිර වෙලා එජාප නායක

ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා මර්දනය සඳහා පර්යේෂණ කරද්දී මෙරට ආණ්ඩුව ධම්මික පැණිය ජනතාවට පෙවීමේ විපාක දැන් රට පුරා දකින්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (6) පැවසීය.

මීට වසරකට පෙර තමා පැවසූ ආකාරයට අඩුම තරමින් දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කළේ නම් මේ වන විට වත්මන් තත්ත්වයට මුහුණ දීම සඳහා එය ශක්තියක් වනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ පෙරවරුවේ පැවැත් වූ සාකච්ඡාවේදීය.

සකස් කර අවසන් කෙරුණු එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීම සඳහා ඉහත සාකච්ඡාව පැවැත්විණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles