Wednesday, September 25, 2024

ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමති ධූර දෙන්න යයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එලෙස පත් කිරීමට නියමිත බවටයි අනාවරණ වුණේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් එම මන්ත්‍රීවරියන් දෙදෙනාගෙන් විමසීමක් කළ අතර ඒ පිළිබඳ තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි ඔවුන් සඳහන් කළේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය එක් මන්ත්‍රීවරියකට ලබා දීමට නියමිත බවයි වාර්තා වුණේ. මීට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම කටයුතු කළා. ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ඉකුත්දා පත් කෙරුණා. ඒ අනුව පුරප්පාඩු වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පත් කිරීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවට වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles