Monday, November 18, 2024

ආණ්ඩුව පෙරලන්න දිලිත් ජයවීරට මොබිටෙල් ආයතනයෙන් කප්පමක් !

ප්‍රභල මහින්ද සහ ගෝටා වාදියෙකු වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම යන දෙදෙනා ට්‍රයි ඇඩ් සහ දෙරණ ආයතනයේ සම හිමිකරුවන් වෙති. මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෝටි ගණනින් මොබිටෙල් ආයතන මෙන්ම සියළු රාජ්‍ය ආයතන වල වෙළඳ ප්‍රචාරණ කටයුතු වලට මුවා වී මහින්දගේ ප්‍රතිරූපය නැංවීමට රජයේ මුදල්ම දෙරණට සහ ට්‍රයි ඇඩ් ආයතන වෙත ලබා දෙන ලදී. එමෙන්ම කලු සල්ලි සුදු කිරීමට දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම කොටස් වෙළඳපල තුල රාජපක්ෂ මුදල් ආයෝජනය කරන ලදී.
ප්‍රසිද්ධියේ අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුලදීද දිලිත් ජයවීරගේ සහ වරුණි අමුණුගමගේ කොටස් වෙළඳපල තුල සිදුකල බරපතල දූෂණ වංචා හෙළි කරන ලදී. මේ තත්වය දන දැනත් යහපාලන රජයේ කෝටිගණන් මොබිටෙල් ආයතනයේ මුදල් දිලිත් ජයවීරගේ සහ වරුණි අමුණුගමගේ සාක්කුවට ලබා දෙන්නේ අග්‍රාමාත්‍යවරයාට කණේ පහරක් ගසමිනි.
ඩිජිටල් ඇමතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ ඉතා විශ්වසනීය තරුණ අමාත්‍යවරයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතායි. සිය නායකයා දිගින් දිගටම අන්ත දූෂිත පුද්ගලයන් ලෙස පාර්ලිමේන්තුව තුළදීත් දිලිත් ජයවීර මහතාගේ නම ප්‍රකාශ කරමින් චෝදනා එල්ල කර සිටියදීත් මොබිටෙල් මුදල් ට්‍රයි ඇඩ් ආයතනයට ලබාදෙන කාරණය පිලිබඳ ප්‍රභල ගැටලුවක් පැන නගී.
රාජපක්ෂ යුගයේ දිලිත් ජයවීරට ලබාදුන් මොබිටෙල් වෙළඳ දැන්වීම් ගිවිසුම අවසන් වී වසර දෙකක් ගතවී තිබියදීත් අදටත් ටෙන්ඩර් කැඳවීමක් මොබිටෙල් ආයතනය සිදු නොකර ට්‍රයි ඇඩ් ආයතනයට රාජපක්ෂ සමයේ මෙන් ඊටත් වඩා යහමින් මොබිටෙල් ආයතනය මුදල් ලබා දේ.
තරඟකාරී සෙසු වෙළඳ දැන්වීම් ආයතන මඟින් විෂය භාර අමාත්‍යවරයාට මෙන්ම මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරී නලින් පෙරේරා මහතාට කල් ඉකුත්වී තිබෙන වෙළඳ දැන්වීම් ටෙන්ඩරය නැවත කැඳවන ලෙසත් එය විවෘත වෙළඳ පොළේ තරඟ කිරීමට අවස්ථාව සලසන ලෙසත් ඉල්ලා සිටියදී ඒ සියළු කරනා කණට නොගත් අමාත්‍යවරයාගේ ඥාති නලීන් පෙරේරා දිලිත් ජයවීරට සහ වරුණි අමුණුගමට කෝටිගණන් මුදල් ලබාදේ.
රජයෙන් ලබාගන්න මෙම කෝටිගණන් මුදලින් දිලිත් ජයවීර අගමැතිවරයාද ජනාධිපතිවරයාද ප්‍රමුඛ රජය විනාශ කර දමන්නට රජයේම මුදල් යොදාගැනීම යහපාලන රජය නූගත්කම් මනාව පැහැදිලි වේ. එපමණක් නොව තවත් මුදල් කොටසක් ලබා දී ඇත්තේ යෝෂිත රාජපක්ෂගේ “මැජෙන්ටා” වෙළඳ දැන්වීම් ආයතනයටයි. මහින්ද රාජපක්ෂගේ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සිදුකල “කුමා ඇඩ්වර්ටයිසින්” ආයතනයට තවත් කෝටිගණන් මුදල් ලබා දී ඇත. යහපාලන රජය බිහි කිරීමට දර දිය ඇද්ද කුඩා වෙළඳ දැන්වීම් ආයතන පෙරටත් වඩා හිඟමනට පත්ව ඇත. දිවි පරදුවට තබා රාජපක්ෂ රෙජිමයට විරුද්ධව හඬ නැඟූ වෙබ් අඩවි වලට සතපහක උදව්වක් නොමැත. අදටත් එම සල්ලි බුක්තිවිදින්නේ රාජපක්ෂවරුමය.
මොබිටෙල් ආයතනය හරහා දිලිත් ජයවීරට නලින් පෙරේරා ලබාදෙන මුදලින් යහපාලන රජය පෙරලන්නට සහ රාජපක්ෂ බලයට ගෙන ඒමට මාධ්‍ය මෙහෙයුමට වෙබ් අඩවි මෙන්ම හතලිහකගේ පිරිසක් දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම විසින් යොදවා ඇත. එහි ප්‍රගතිය සොයා බැලීමට දවසක් දෙකකට වරක් මහින්ද රාජපක්ෂ මහතා වරුණි අමුණුගමගේ සිටින නිවසට පැමිණෙයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍ය වරයා ට්‍රයි ඇඩ් ආයතනයට හොරපාරෙන් ලබා දෙන මෙම මුදල් නැවතුනේ නැතිනම් යහපාලන රජය බිහි කිරීමට එක්වූ සියළු දෙනාම පෙරලා පහර දීමේ කාලය වැඩි ඈතක නොවේ.
එසේ තිබියදීත් යහපාලන පෙරලා බිම දමන්නට ආර්ථික හයිය ලබා දෙන්නේ යහපාලන රජයේම මැති ඇමතිවරු සහ නිළධාරීන් වීම කණගාටුවට කරුණකි. දිලිත් ජයවීරලා වරුණි අමුනුගමලා රාජපක්ෂ යුගයට වඩා මේ රජයෙන් පෝසතුන් බවට පත්වී ඇත. එසේ ඔවුන් පෝසතුන් බවට පත්වන්නේ රාජපක්ෂ යුගයේ වරදාන වරප්‍රසාද ලබා දීමට හසල පුරුද්දක් තිබුණු නිසා මෙම රජයේද බොහෝ අයට කොමිස් මුදල් ලබා දීමට එකඟ වී ඇති නිසයි. අමත්‍යවරයා සිතිය යුත්තේ ඥාතියාගේ සාක්කුවට වැටෙන කොමිස් මුදල නොව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පිළිබඳවයි.
වරුණි අමුනුගමලා දිලිත් ජයවීරලා මොබිටෙල් ආයතනයෙන් පෝෂණය කරයි නම් යහපාලනය ගැන කවර කතාද?
අමාත්‍යතුමනි මේ ඔබේ අවදානය පිණිසයි….

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles