Saturday, January 11, 2025

ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත් කරලා

ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත් කරලා. අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.


අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බව පැවසූ ඔහු වත්මන් පාලකයන්ගේ ක්‍රියා කලාපය හරහා මන්දපෝෂණය පැතිර ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී තිබෙන බවද පවසයි. අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා මේබව පැවසුවේ ‘‘මනුෂ්‍යත්වයේ චාරිකාව” හතරවැනි දිනය සූරියවැව නගරයෙන් පෙරේදා (29දා) ආරම්භ කරමිනි.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් විපක්ෂ නායක වරයා මෙසේද පැවසීය.

“වත්මන් පාලකයන්ගේ ක‍්‍රියා කලාපය හරහා මන්දපෝෂණය පැතිර ගිය රටක් මේවන විට නිර්මාණය වී තිබෙනවා. අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප‍්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී තිබෙනවා. මේ ආණ්ඩුව ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන් ජයගත් කාඞ්බෝඞ් දේශ පේ‍්‍රමීත්වයක් නිර්මාණය කොට සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දමා ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කරලා තියෙනවා. අවුරුදු දෙකක කාලයක් තුළ මේ ආණ්ඩුව අපේ රට එක් අතකින් කඳුළු සලන පාරාදීසයක් කොට තිබෙනවා. තවත් අතකින් අඳුරු පාරාදීසයක් කර තිබෙනවා. එපමණක් නොව අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇත.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලූ පිළිබඳව සාකච්ඡුා කළ විපක්ෂ නායකවරයා රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ‘‘පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත‍්‍රිකාවද ඔවුන් අතර බෙදා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles