ආණ්ඩුව වරද්දාගත් තැන ගැන රනිල්ගෙන් හෙළිදරව්වක්

0
302

ලංකාව වත්මන් ආර්ථිකය අර්බුදයට මුහුණ දීමට හේතුව කොරෝනා වසංගතය ම නොව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොරෝනා එන්නටත් පෙර සිටම රටේ ආදායම මේ ආණ්ඩුව යටතේ අඩු වෙමින් පැවති බව කී වික්‍රමසිංහ මහතා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත වැට් බදු අඩුකිරීමෙන් රාජ්‍ය ආදායම විශාල වශයෙන් අහිමිකර ගත් බවද සඳහන් කළේය.

යහපාලන ආණ්ඩු සමයේ මූලික අයවැයේ අතිරික්තයක් තිබූ බව කී වික්‍රමසිංහ මහතා ණය ගෙවන මුදල් හැර අනෙක් හැම වියදමකට ම රටට ආදායමක් තිබූ බවද පැවසීය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here