ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමට, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳිනවා

0
255

සමගි ජන බලවේගයේ ජන හමුවක් අද (30) කැකිරාවේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳින බවත් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුලාගතයුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here