Saturday, September 21, 2024

ආණ්ඩුව සැබෑ අරමුණුවලින් බැහැර වෙලා..! සිදුනොවිය යුතු දේ සිදුවෙමින් පවතිනවා..! – වාසු

පොදුජන පෙරමුණට අද මෙහි සිටින සියලු දෙනා එකතු වුණේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා ඒ බැව් සඳහන් කළේ ඊයේ (29) පැවති “මහජන මන්ත්‍රණ සභාව ජනහමුවෙිදීය.

මේ රටට, රටේ ජනතාවගේ ජීවිත වලට සතුරු බලවේග රටේ පාලනය අල්ලාගෙන මර්දනය තමන්ගේ අවිය කරගත් ආණ්ඩුවකට මුහුණ දීමේ කාර්යභාරයට තමන් ඇතුළු පිරිස එකතු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ආණ්ඩුව පෙරළා බිහි කරගත් ආණ්ඩුවෙි ක්‍රියා කලාපය බලාපොරොත්තු වූ ගමන් මාර්ගය පිළිබඳ බරපතළ ප්‍රශ්න ඇති කරන්නට වූ බව තමා නොකීවාට මේ සභාවේ සිටින සියල්ලන් ම දන්නා බවයි ඔහු අවධාරණය කරයි.

තමන් ළෙන්ගතුව පෙන්වා දුන් කරුණු කිසිවකට ඇහුම්කන් නොදී දැන් සිදු නොවිය විය යුතු දේ සිදුවෙමින් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles