ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළිනවා!

0
320

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලයන්ට සිදු කරන පත් කිරීම් දේශපාලනීකරණය වී ඇති බවත්, පොලිසියේ කටයුතුවලට දේශපාලඥයන් මැදිහත් වීම නීතිය හා සාමය රැකීමට විශාල බාධාවක් බවත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ජනතාව මේ රජය බලයට පත් කර ගත්තේ සෞභාග්‍යයේ දැක්ම කි‍්‍රයාවට නැංවීමට බව පවසන මන්ත‍්‍රීවරයා, සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළින්නට ගත්තොත්, ජනතාව රජය ගැන ඉක්මනින් ම තීරණයක් ගනු ඇතැයි අනතුරු හැගවී ය.

ඊයේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් ප‍්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here