Friday, September 20, 2024

ආණ්ඩු හදන්න කලින් පක්ෂය හදන්න ඕන-ජනපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය, පුතා මෙන්ම බෑණාද නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආණ්ඩු හදන්න කලින් පක්ෂය හදන්න ඕන. පක්ෂය පිරිසුදු කළ යුතුයි. පක්ෂයේ වැඩ කරන අය පිරිසුදු විය යුතුයි. දේශපාලඥයෙකුට රහසේ වැඩ කරන්න බෑ. සියල්ල දෙස ජනතාව බලාගෙන ඉන්නවා.

1977 පස්සෙ නිදහස් පක්ෂය කොටස් තුනකට කැඩුණා. බරපතළ ලෙස පක්ෂය අසීරු තත්ත්වය  පත්වුණා. 77න් පස්සෙ පක්ෂ කොච්චර හැදුවද. පක්ෂය බිහිකරපු බණ්ඩාරනායක මහත්මයාගේ දුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අලුත් පක්ෂයක් හැදුවා. පුතා අනුර බණ්ඩාරනායක පක්ෂයෙන් එළියට ගිහින් වෙනම කණ්ඩායමක් හැදුවා. බෑණා විජය කුමාරතුංග අලුත් පක්ෂයක් හැදුවා. නමුත් අවසානය කොතැනද?

ඒ සියලු දෙනා 1994 වෙනකොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය පිළිගගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් හැදුවා. නිදහස් පක්ෂය වැටි වැටී ඉදිරියට යන පක්ෂයක්. පක්ෂයේ ඉදිරි අනාගතය සුබවාදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න පිරිසුදු නිදහස් පක්ෂයක් පළමුවෙන්ම හදන්න ඕන.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles