Sunday, September 22, 2024

ආදිවාසී කාන්තාවක් අමෙරිකානු කැබිනට් මණ්ඩලයට

අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් විසින් ආදිවාසී ස්වදේශික අමෙරිකානු කාන්තාවක් සිය කැබිනට් මණ්ඩලයට නම් කිරීමට නියමිත බව වාර්තා වේ. 

ඒ අනුව, 60 හැවිරිදි කොංග්‍රස් සාමාජිකා “ඩෙබ් හාලන්ඩ්” ව ස්වදේශීය ලේකම් තනතුරට පත්කිරීමට යෝජනා වී තිබේ. 

ඇය එම තනතුරට පත්කළහොත් එම දෙපාර්තමේන්තුව මෙහෙයවීමට පත්කළ පළමු ආදිවාසියා ඇය බවට පත්වේ. 

“ස්වදේශික ඇමරිකානු” කටයුතු ද ඒ අනුව ඇය විසින් මෙහෙයවනු ඇති බව පැවසෙයි.

එසේම කැබිනට් ලේකම් තනතුරකට පත්කළ පළමු ආදිවාසී ස්වදේශික ඇමරිකානුවා ද ඇය වේ. 

ඇය ලෙගුනා ප්යුබ්ලෝ ගෝත්‍රයේ සාමාජිකාවකි. 2018 වසරේදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වූ ආදිවාසී කාන්තාවන් දෙදෙනාගෙන් ඇයද කෙනෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles