Thursday, January 16, 2025

ආධාර ලෙස දුන්න නිවාස විවෘත කරන්න මෝඩි එනකොට කළු කොඩි දාපු අය ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියනවා

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ සෑදූ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිමහතා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී එදා කළු කොඩි දාන්නැයි කී ඇමතිවරුන්ම මෙදා ඉන්දියාවෙන් ණයට ලද තෙල් නැව පිළිගැනීමට උත්සවයකුත් පවත්වා යාම දෛවයේ සරදමක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සි⁣ටියා.

සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ගම් උදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන, දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැලි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් මේ ආණ්ඩුව ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ බව පෙන්වා දෙනවා.

ඒකාන්තවම තවත් දින කිහිපයක් තුල නැවත වතාවක් තෙල් මිල ඉහළ දැමීමට රජයට සිදුවන බවත් එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙි බව පවසා සිටියේ ඔහුගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක් ” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45 වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (16) කල්මුණේ රෝහල වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles