Thursday, January 23, 2025

ආනන්ද පාලිත ජාතික සේවක සංගමයේ සියලු තනතුරු වලින් ඉවත් වෙයි

ජාතික සේවක සංගමයේ තමන් රු සියලු තනතුරුවලින් ඉවත් වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පවසයි. 

ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ. 

දේශිය සම්පත් විකිණීමේ ක්‍රියාවලිය හමුවේ ජාතික සේවක සංගමයේ නිහඬතාව තවදුරටත් තමන්ට පිළිගත නොහැකි වීම මෙම ඉවත් වීමට හේතු වූ බවයි ඔහු කියාසිටියේ. 

“මම දැන් ජාතික සේවක සංගමයේ කිසිදු තනතුරක නැහැ. එයින් ඉවත් වුණා. ඇයි ඉවත් වුණේ. මෙම මාසයේ 26 වැනිදා ජාතික සේවක සංගම් මූලස්ථානයේ ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ කමිටු ප්‍රධාන නිලධාරීන් ඉදිරියේ මම පැහැදිලි ප්‍රශ්නයක් කරා තෙල්,විදුලිය,වරාය වෘත්තීය සමිති සහ සමස්ත සේවකයන් එම ආයතනය කුණු කොල්ලයට වර්තමාන ආණ්ඩුව දුන්න ප්‍රතිපත්තිවලට පටහැනිව විදේශීය රාජ්‍යයන්ට විකිණීමට එරෙහිව එම ආයතන සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට සහයෝගයක් නොදෙන නිසා ඒ පිළිබඳව සහයෝගය ලබාගැනීම සඳහා ඉදිරිපත්වෙන්න කියල. එතුමා ඉතා පැහැදිලිව කිව්වා අපේ කාලේ විකුණපු ආයතන ගැන, අපේ මතය දන්නවනේ ඕකට සහය දෙන්න අපිට බැහැ. ඒක ආණ්ඩුව බේරගන්න ඕනේ. ඒක හින්දා නිහඬව ඉන්න. ආපහු දේශද්‍රෝහී වෙන්න බැහැ කියල. න්‍යායක් තියෙන වෘත්තීය සමිතියකට පක්ෂයකට කඩේ යන්න වැඩබිම මෙහෙයවන්න බැහැ. අන්න ඒ නිසා අපි නම්බුකාර විදිහට ගෞරවාන්විතව ඉවත් වුණා.” යනුවෙනුයි ආනන්ද පාලිත මහතා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles