ආනමඩුවේ ජල බෝතලයට අධිකරණයෙන් වාරණයක්…

0
327

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ලැබෙන තුරු ආනමඩුව අධිකරණ බලසීමාව තුළ බෝතල් කරන ලද පානීය ජලය බෙදාහැරීම තහනම් කර තිබෙනවා. එ් ආනමඩුම මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මියගේ නියෝගයකට අනුවයි.

නවගත්තේගම මුල්ලේගම ප‍්‍රදේශයේ වෙළෙඳසැලක තිබී අපද්‍රව්‍ය සහිත ඇසුරුම් කරන ලද ලීටර් පහේ පානීය ජල බෝතලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගනු ලැබීමේ සිද්ධියක් මීට හේතු වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ අදාළ පානීය ජල බෝතලයේ තෙල් සහ ගී‍්‍රස් සංඝටක අඩංගුව තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here