ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට සූදානමක් ?

0
285

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සුදානම් වනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5 500 දක්වා ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

එමෙන්ම මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරන්නේ කිරිපිටි සඳහා වන පාලන මිල මේ වන විට ඉවත් කර ඇති බවයි.

කෙසේවෙතත් ආනයනකරුවන් කිරිපිටි මිල ආසාධාරණ ලෙස ඉහළ දැමීමක් සිදු කළ හොත් පාරිභෝගික ජනතාවට සාධාරණය ඉටු කිරිම සඳහා මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here