ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.19 ක් සහ විකුණුම් මිල රු. 199.65 ක් ලෙසින් සටහන්ව තිබේ.
කෙසේ වෙතත් මුදල් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් අලෙවි කරන මිල රු. 200 සීමාව ඉක්මවා ඇති බවයි.
ඒ බව සනාථ කරමින් ලංකා බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.25 ක් හා විකුණුම් මිල රු. 201.28 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර එම සටහනට අනුව ආනයන සඳහා ඩොලර් අලෙවි කරන මිල දැක්වෙන්නේ රු. 202.14 ක් වශයෙනි. මහජන බැංකුවට අනුව ආනයන බිල්පත් වෙනුවෙන් ඩොලර් අලෙවි කරන මිල රු. 203.38 ක් ලෙසින් වාර්තා වේ.


