Thursday, November 28, 2024

ආන්දෝලනාත්මක සුදු වෑන් නඩුවට අදාළ සාක්ෂි විභාගය මාර්තු 15 ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණයෙන් දින නියම කෙරේ

සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව ගොනු කළ  නඩුව ලබන මාර්තු මස 15 වැනි දා සිට  විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද ( 20) නියම කර තිබේ.

සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමු බවට  2019 ජනාධිපතිවරණ අවස්ථාවේ  මාධ්‍ය හමුවක් පවත්වමින් ස් වලාගත්  පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව  චෝදනා ගොනු කර ඇත.

2019 ජනාධිපතිවරණ අවස්ථාවේ  මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහන වැවකට දැමු බවට වෙස් වලාගත්  පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළේය.

නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්කි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කර ඇත.මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles