ආන්දෝලාත්මක නැනෝ දියර පොහොර මිලියනයක් මෙි මාසයේ දිවයිනට ගෙන්වයි

0
356

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තවත් ලීටර් මිලියනයක් මේ මස තුළ දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද හෙතෙම කීය.

නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මෙම පොහොර මෙරට භාවිත කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ යුතු බවය.

මේ අතර පසු ගිය දින වල ආන්දෝලාත්මක ලෙස ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති.

මෙම දියර පොහොර වගාවන්ට යෙදීමද ඉතා අපහසු බවත් සමේ ආසාදන හට ගන්නා බවත් පවසන ඔවුන් පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන බව කියා සිටියහ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම පොහොර සම්බන්ධයෙන් නිසි අදහසක් නැති බව ද ඔවුහු පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here