ආණ්ඩුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලදහොත් ශ්‍රී ලංකාව පුරා ඇති සියලු රෝහල් සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා ලබන සතියේ තීන්දු තීරණ ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ පිළිබඳව තීරණය ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව හදිසි රැස්වීමක් කැඳවා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කරයි.
‘අපි මේ සටනට බැස්සේ සිදුවන ඕනෑම අභියෝගයකට කරදරයකට මුහුණ දෙන්න සුදානම් වෙලා. ආපසු හැරීමක් නැහැ. ඉදිරියේදී වෙනත් සේවාවල වෘත්තීය සමිතිත් එකතුවෙන්න පුළුවන් ඇමතිවරයා ඉවත් කරන්න කියල යැයි තවදුරටත් කියා සිටින ලදී