Tuesday, January 21, 2025

ආයුර්වේදයම හෙට දැවැන්ත විරෝධතාවයක

තම හිඟ දීමනා ලබාගැනීම වෙනුවෙන් ආයුර්වේද කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වැඩවර්ජනයට සෞඛ්‍ය ඇමතිවරයාගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති හෙයින් බොරැල්ල, යක්කල, නාවින්න යන රෝහල්වල සියළු කාර්ය මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍යයන් සහ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වෙන බව සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ඊයේ  (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එමෙන්ම මීට සමගාමීව හම්බන්තොට, අම්පාර රෝහල් ආදී මධ්‍යම රජයට අයත් ආයුර්වේද රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වමින් මෙම විරෝධතාවය සඳහා එක්වන බවද ඔහු මෙහිදී පැවසීය. මෙම විරෝධතා පා ගමනඅද  (ජූනි 20) පෙ.ව. 10.30 ට බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිටින් ආරම්භ වී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණ එහිදී උද්ඝෝෂණයක් පවත්වන බවද ඔහු මෙහිදී පැවසීය.

මෙම විරෝධතාවය සඳහා එක්වන බවට සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ උප සභාපති නිමල් ආර්. කුලතිලක,දේශීය වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ලේකම් ප‍්‍රභාත් මධුරංග යන අය අදහස් දක්වමින් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ සභාපති ගාමිණී කොස්ලන්ද, දේශීය වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ලේකම් ප‍්‍රභාත් මධුරංග, සමස්ත ලංකා ආයුර්වේද  වෛද්‍ය නිලධාරී සංගමයේ උප සභාපති නිමල් කුලතිලක, සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ උප ලේකම් සීතා ලියනගේ මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles