ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව 06 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ආයූර්වේද එක්ස්පෝ 2016’ තුන් දින දැවැන්ත ප්‍රදර්ශනය හා සමගාමීව පවත්වනු ලබන සම්මන්ත්‍රණය 2016 ජූලි මස 09 සහ 10 යන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ කාරක සභා කාමර A (Committee Room A) හිදී පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහිදී, ශ්‍රී ලාංකේය දේශීය ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව හා ජපානය වැනි රටවල ජාත්‍යන්තර වශයෙන් වැදගත් විශේෂඥයන්, වෘත්තිකයන්, විද්වතුන් හා විද්‍යාඥයන්ගේ දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවත්, මෙය ආයුර්වේද, සිද්ධ, යුනානි හා සාම්ප්‍රදායික වෛද්‍යවරුන් සහ සිසුන් හට ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සහ නිපුණතා වැඩදියුණු කිරීම සඳහා කදිම අවස්ථාවක් වනු ඇති බවත් එම මණ්ඩලය පවසයි.