Saturday, September 21, 2024

ආයෙත් රට වහන්න වෙයිද ?

රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් කතාකළ උපුල් රෝහණ මහතා ,
“මේ සැරේ රට එකවර නිදහස් කළේ නැහැ. නමුත් අපි දැක්කා රට නිදහස් නොකරාට නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කාලයේත් මහජනතාව නිරෝධායන ඇඳිරිනීතියවත් පිළිපඳින්නේ නැති තැනට තල්ලූවෙමින් තිබුණා. ඒ නිසා අපි දැක්කා පළාත් සංචරණ සීමා තියෙද්දී දීර්ඝ සති අන්තයක කොහොමද නිවාඩු ගතකළේ කියලා.
ඒ නිසා බිමේ පේන්න තියෙන තත්ත්වය තමයි අපි නිරෝධායන නීති දැම්මත් නැතත් මහජනතාව මේවා ආරක්‍ෂා කිරීමේ බරපතළ ගැටලූවක් තියෙනවා කියන එක.

දේශපාලන භේදයකින් තොරව හා සියලූම සමාජ කණ්ඩායම්වල වගකීමක් තියෙනවා මේ නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න. අපි ඉල්ලන්නේ සියලූම පක්ෂවලින්, සියලූම සමාජ කණ්ඩායම්වලින් හා සමාජ කි‍්‍රයාකාරීන්ගෙන් මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන්න.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles