Monday, September 23, 2024

ආයෝජන භාණ්ඩ ආනයනය 12.5%කින් ඉහළ නඟී

මේ වසරේ මුල් කාර්තුව තුළදී පමණක් විදෙස් ආයෝජන භාණ්ඩ 12.5%කින් ඉහළ නැඟ ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසරේ මුල් කාර්තුව තුළදී රුපියල් කෝටි 17900ක ආයෝජන භාණ්ඩ මෙරටට ආනයනය කර ඇතැයි ද අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය වසරේ මුල් කාර්තුවේ එම ප්‍රමාණය දැක්වුණේ රුපියල් කෝටි 15904ක ප්‍රමාණයක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ නිසා මේ වසරේ මුල් කාර්තුව තුළදී ආර්ථික වර්ධන වේගය 5.5%ක් දක්වා ඉහළ නැඟ ඇතැයිද පසුගිය වසරේ මුල් කාර්තුවේ එම අගය දැක්වුණේ 4.4%ක් බවද අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

විදෙස් ආ‍යෝජකයන් වැඩි වශයෙන් මෙරට ආයෝජනයන්ට පෙළඹීම නිසා මෙසේ ආ‍යෝජන භාණ්ඩ වැඩි වශයෙන් ආනයනය කර ඇති අතර මේ නිසා රැකියා අවස්ථාද සැලකිය යුතු ලෙසින් වර්ධනය වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට කර්මාන්ත අංශයේ ඉහළ නැඟීම 10.1%ක් දක්වා වර්ධනය වී ඇත.

විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ 8.3%ක වර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශ ප්‍රකාශකකයා පැවසුවේ එය 2015 වසරේ මුල් කාර්තුවේ දැක්වුණේ 1.4%ක් පමණක් බවයි.

2016 වසරේ දළ ජාතික ආදායම පවත්නා මිල දර්ශකය 9.6%කින් ඉහළ නැඟ ඇති බවත් ඒ සඳහා කර්මාන්ත අංශයේ දායකත්වය රුපියල් කෝටි 94099ක් බවද ඔහු පැවසී

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles