Monday, January 13, 2025

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ තිබෙි.

ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා තම තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමඟයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්වීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  සභාපති සංජය මොහොට්ටාල මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරේ රාජා එදිරිසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස් වීම් භාර නොගත් අතර, ඇතැම් සාමාජිකයින්ට පෞද්ගලිකවම ආමන්ත්‍රණය කර එම තනතුරුවල රැඳී සිටින ලෙසත් ඉල්ලා තිබුණා.

පසුගිය සතියේ ආයෝජන මණ්ඩල හිටපු සභාපති සංජය මොහොට්ටාල ද එම තනතුරට සමුදුන් අතර, නව සභාපතිවරයා පත් කර ඇත්තේ, එහි දී ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා යි.

රාජා එදිරිසූරිය මහතා ඉංජිනේරු සංස්ථාව, මිහින් ලංකා යන ආයතනවල සභාපති ලෙස කටයුතු කර ඇති අතර චිලි, ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.

තවද රාජා එදිරිසූරිය මහතා වරාය නගර සවර්ධන ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles