Monday, September 23, 2024

ආයෝජන මණ්ඩල සභාපති ධූරයට සංජය මොහොට්ටාල

රලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (09) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ දී වැඩභාර ගනු ලැබීය.

රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ සභාපතිවරයා කොවිඩ් අවදානම් කාලය තුළ දී ආයෝජන කලාප වසා නොදමා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා ඇතුළු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ආර්ථිකය හැසිරවීමේ සුවිශේෂී ආයතනය බවත්, විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ආර්ථිකයේ දිශානතිය මෙහෙයවන රජයේ ප්‍රබලතම රාජ්‍ය ආයතනය බවට එය පත්කිරීම තම අරමුණ බවත් මොහොට්ටාල මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles