ආරක්ෂිත පාසල් බස් සේවාවක්

0
301

රට සම්පූර්ණයෙන්ම විවෘත කර පාසල් ආරම්භ කිරීමෙන් පසු නව පාසල් බස් රථ සේවාවක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් මෙම බස් සේවා ව ආරම්භ කරන බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා නිවස අසලින් නංවා ගනු ලබන දරුවන් පාසල අසලටම ගොස් ආරක්ෂිතව පාසලටත් යළි නිවස කරාත් ගෙනයන විශ්වසනීය හා ආරක්ෂිත පාසල් බස් සේවාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව දිලුම් අමුණුගම මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර පාසල් විවෘත කරන අදියර හා ක්‍රමවේදයන් සැලකිල්ලට ලක් කරන බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා වඩාත් ආරක්ෂාකාරී පාසල් බස් සේවාවක් ස්ථාපිත කිරීම අරමුණු බවද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here