Monday, September 23, 2024

ආරක්‍ෂක සමුළුව ඇරඹේ – LIVE

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරන “ආරක්‍ෂක සමුළුව 2016” (Defence Seminar 2016) අද (01) සහ හෙට (02) යන දෙ දින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.
විවිධ විදේශ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ පිළිබඳ ව සාකච්ඡා කිරිම සඳහා ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම මෙවර 2016 ආරක්‍ෂක සමුළුවේ අරමුණ වේ.
“මෘදු බලය සහ ගෝලීය ගැටලු කෙරෙහි එහි බලපෑම” (Soft Power and Its Influence on Global Issues) මෙවර ආරක්‍ෂක සමුළුව 2016 හි තේමාව වන අතර ඒ වෙනුවෙන් විදේශ රටවල් 71ක් නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වවතුන් 125 දෙනෙක් සහ දේශීය ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන් ඇතුළු විද්වතුන් 800ක් පමණ මේ වෙනුවෙන් සහභාගිවීමට නියමිතය.
මෙවර සමුළුවේ පළමු දින ආරම්භක දේශනය යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ප්‍රධාන දේශනය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles