ආර්ථිකයට අත තිබ්බොත් බලාගෙනයි-අගමැති රනිල්

0
352

වැඩවර්ජන, උද්ඝෝෂණ හා විවිධ තර්ජන කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන් දරණ උත්සාහය පරාජය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (29) පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා යෞවුන් නිකේතන ශාලාවේ රැස්වීමක් අමතමින් අගමැතිවරයා එසේ පැවසීය.

“අපි බාර ගත්තේ ආර්ථිකය කඩා කප්පල් කළ රටක්. 2015 ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට අප ක්‍රියා කළා. ආර්ථිකය පිරිහුණ රට ගොඩ නැගීමට රටේ ප්‍රශ්න විසඳීමට වැඩකරගෙන යන විට අන්තවාදීන් ප්‍රශ්න ඇති කරනවා. ඒ අන්තවාදීන්ට ඔලුව උස්සන්න බැරිවෙන විදියට අපේ ව්‍යාපාරය ගෙනි යනවා” 

“අපට ඕනේ බලය පෙන්වන්නයි. අපේ ගමන කඩා කප්පල් කරන්න දෙන්න බෑ. 2015 ඡන්දයෙන් පසුව අප නිවාඩුවක් ගත්තා දැන් එක්සත් ජාතික පක්ෂය යළි සංවිධානය කර වැඩ පටන් ගන්නවා” යැයිද අගමැතිවරයා කීවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here