Wednesday, September 25, 2024

ආර්ථික නැංවීමට මහ බැංකුවෙන් ඔසු

ආර්ථික වර්ධනය මෙන්ම සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම උදෙසා මහ බැංකුවෙන් බෙහෙත් ලබාදීමක් සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉකුත් 28 වැනිදා (Policy Rates) පදනම් අංක 50 කින් ඉහළ දමමින් 2016 වසර තුළ තම මුල්‍ය ප්‍රතිපත්තිය තෙවැනි වරෙත් දැඩි කළ බව මහ බැංකු අධිපතිවරයා කීය.

මේ වසරේ ජනවාරි 16 වැනිදා මහ බැංකුව පළමුවරට දැඩිවුණේ මහ බැංකුවේ තවත් මූල්‍ය පාලන උපකරණයක් වූ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (Statutavy Reserve Ratio-SRR) සියයට 6 සිට සියයට 7.5 දක්වා සියයට 1.5 කින් වැඩි කරමිනි.

මේ වසරේම පෙබරවාරි 16 වැනිදා දෙවැනි වරට දැඩි වුණේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පිළිවෙළින් 6.5% ක් හා 8%කට වැඩි කරමිනි. ජූලි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව තම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate – SDFR) එතෙක් පැවැති 6.5%ක අනුපාතිකය 7% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate – SLFR) එතෙක් පැවැති සියයට 8% අනුපාතිකය 8.5% දක්වාද වැඩි කළ බවද අධිපතිවරයා කීය.

පොලී අනුපාතික කොරිඩෝව Interest Rate Covvidor) 7% – 8.5% දක්වා පරාසයක තබමින් මහ බැංකුව තෙවැනි වරටත් සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කෙළේය. එය සමස්ත ආර්ථිකයේ සුබවාදී ගමනට ජවය, ජීවය සපයන්න වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles