ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි.

0
460

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද(13) විවෘතව තැබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවය.

ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘත කෙරෙනු ඇති.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදි ගැනීමේ හැකියාව පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here