ආසාදිතයන්ගේ අඩුවක් මරණ වාර්තාවීම සාමාන්‍යයි.. තවත් ප්‍රදේශ හුදෙකලා කෙරේ..

0
455

ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,008 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මරණ 47ක් වාර්තා වී ඇත.

එමෙන්ම පැතිර යන තත්ත්වයට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්ක 12ක ග්‍රා.නි වසම් 24ක් අද දින සිට හුදෙකලා කෙරේ.‍ෙ

හුදෙකලා කෙරෙන මෙම ග්‍රාම නිලධාරි වසම් අතර ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනකු හමු වූ දෙමටගොඩ ආරාමය පෙදෙස ද වෙයි .

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යටිහේන , මීගහවත්ත සියඹලාපේ වත්ත සහ කිරිබත්ගොඩ නාහේන , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ නව වලතපිටිය ගම්මානය,මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන මීරවෝදි නැගෙනහිර , මීරවෝදි බටහිර සහ මාන්වකෝලයි බදු රිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දාපනේ, රත්නපුර මුල්ලෙ කන්ද වත්ත සහ කොට්ටල ,කළුතර දිස්ත්‍රික්කයේ මහ වස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය ,යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි සාවට්කඩ්ඩ්,මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය,නිකගොල්ල ,නිකගොල්ල උතුර ,ලග්ගල කිවුල වාඩිය සහ ගුරුවෙල,පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතු වතුයායට අයත් කඩවල වත්ත කොටස ,ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව ගෝනවල බොල්තුඩුගම,මාතර දිස්ත්‍රික්කයේ වල්ගම පැලෑන දකුණ , කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත මෙසේ හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here