ආසාදිතයන් වැඩි වුණොත් යළිත් සංචරණ සීමා පනවන්න වෙනවා

0
490

ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය

ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පැනවීමට සිදුවන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගය පැතිරෙන ආකාරයට පැවැත්වුණු උත්සව, සාද ,මංගල කිහිපයක් වාර්තාව වූ බවද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනවල පැවති විවිධ උත්සව, විවාහ මංගල උත්සව හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම් රැසක් වාර්තා වූ බවයි. ජනතාව වගකීම් විරහිතව හැසිරීම නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ හේතුවෙන් ඉදිරියේදී උත්සව සඳහා සීමා පැනවීමට සිදුවෙනු ඇති බව කියා සිටියා.

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ආසාදිතයින් හය සීයේ සීමාව අඛණ්ඩව මෙලෙස පසු කළේ දෙවන දිනටයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 20ක් වාර්තා වූ අතර ඉන් 14 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. ජනතාවගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් යළිත් රටතුළ කොරෝනා ආසාදිතයින් වැඩි වෙමින් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here