Saturday, September 21, 2024

ආසාදිතයන් 3800ට සහ මරණ 186ට නගිද්දි රට වසා දමන ලෙස මහානායක හිමිවරු ඉල්ලති.

කොරෝනා ව්‍යාප්තිය පාලනයට අවම සතියක් හෝ රට වසා තබන්නැයි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

මහ නාහිමිවරුන් මෙම ඉල්ලීම කරමින් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපිවල සඳහන් වන්නේ මෙම ආපදා අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ මත පියවර ගත යුතු බවය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් අත්සන් තබමින් මෙම ලිපි ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යොමු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles