ආසාදිතයින් අඩු වුනත් ඉදිරිය අවදානම්

0
320

අදවනවිට මෙරට තුල දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුණද මෙම තත්වය නිසි පරිදි කළමණාකරණය නොකළහොත් ඉදිරි සති කිහිපයේදී බරපතල අවදානම් තත්ත්වයකට රට ගමන් කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

එබැවින් පවතින සුබවාදී තත්වය අඛණ්ඩව පවත්වාගෙනයාමට මහජනතාවගේ සහය අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී සමිත ගිනිගේ මහතා මේ බව සඳහන් කළා.

අද වන විට දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයකම වයස අවුරුදු 20ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය කිරීමට අවශ්‍ය එන්නත් මාත්‍රා තොග බෙදා හැර ඇති බවත් කිසිදු එන්නත් හිඟයක් රට තුළ නොමැති බවත් ඔහු අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here