ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු නම් දින 05 ක් ඇතුළත පරීක්ෂණ කරන්න – ආචාර්ය චන්දිම ජීවන්දර

0
379

කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු කරගත් පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන්ට දින 03 – 05 ත් අතර කාලය තුළදී කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂක, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. අමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට එය ඇතුළත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

කොවිඩ් වෛරසයට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීම ප්‍රමාණවත් වන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් PCR පරීක්ෂණ සිදුකළ යුතු බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.

මීට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු කාලය ලෙස නිශ්චය කර තිබුණේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන දින 05 – 07 ත් අතර කාලය තුළදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here