ආසියානු ක්‍රිකට් මූලස්ථානය ශ්‍රි ලංකාවේ පිහිටු වීමට යයි..

0
344

ආසියානු ක්‍රිකට් සංගමයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පසුගියදා යෝජනා වී තිබෙනවා.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවේදී පසුගිය දෙවන දා මෙය යෝජනා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

ඉදිරි වසර 10 තුළ ආසියානු ක්‍රිකට් සංගමයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා මෙරට මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය හිමිව ඇතැයි එහිදී ප්‍රකාශ වුණා.

සිංගප්පුරුවෙන් බදු සහන හිමිවීමත් සමග එම මූලස්ථානය ලංකාව තුළ ස්ථාපිත කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here