ආහාර වියදම මදකින් ඉහළට

0
331

අගෝස්තු මාසයට සාපේක්ෂව ඉකුත් සැප්තැම්බර් මාසය තුළ ආහාර ද්‍රව්‍ය වියදම්වල වටිනාකම 0.07 කින් වැඩි වී ඇතැයි ජන‍ලේඛන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම කෙසෙල්, පැ‍පොල්, දෙහි, ලොකු ලූනු, සහල්, ‍පොල්, අඹ, කුකුල් මස්, මයිසූර් පරිප්පු, අන්නාසි, කඩල සහ වියළි හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම මේ සඳහා බලපා ඇත.
එහෙත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසය තුළ එළවළු, අමුමිරිස්, බිත්තර, අර්තාපල්, අලුත් මාලු, තිරිඟු පිටි යන ආහාර ද්‍රව්‍යවල මිල අඩු වී  ඇත.
ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මාසයට අදාළව ප්‍රකාශයට පත්කර ඇති ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මෙම කරුණු සඳහන්ව ඇත.
ආහාර නොවන ද්‍රව්‍යවලට අදාළ වියදම්වල වටිනාකම ද සැප්තැම්බර් මාසය තුළ 0.18ක වැඩිවීමක් දක්නට ඇත. මද්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, අධ්‍යාපන, රෙදිපිළි හා පාවහන් විවිධ භාණ්ඩ හා සේවා, ආපනශාලා හා හෝටල් යන කාණ්ඩවල වැඩිවීම මේ සඳහා බලපා ඇත.
මද්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය ආදියේ වියදම්වල වටිනාකම ඉහළ යාමට පුවක් හා බුලත්වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර අධ්‍යාපන කාණ්ඩයේ වියදම් වැඩිවීමට ජාත්‍යන්තර පාසල් ගාස්තු ඉහළ යාම බලපා ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here