ආහාර හදිසි තත්ත්වය ගැන Al Jazeera නාලිකාවට ශ්‍රී ලංකා රජයෙන් පිළිතුරු

0
631

ශ්‍රී ලංකාව හදිසි ආහාර/ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට Al Jazeera පුවත් සේවය මඟින් පල කළ පුවත සම්බන්ධයෙන් මෙරට රජය පිළිතුරු සපයා තිබෙනවා. රුපියලේ අගය විශාල ලෙස පහළ යාම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය ඇති බවයි ඔවුන් සඳහන් කර තිබුණේ. ආහාර සඟවා ගොඩගසා තැබීමට එරෙහිව හදිසි තත්වයක් ක්‍රියාත්මක කළද, ආනයනයන් සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය මෙරට රජයට නොමැති බව Al Jazeera පුවත් සේවය සඳහන් කළද සැබවින්ම මෙරට ආනයනයන් 10%කින් ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here