ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයන්ට බැනල, ලේකමිලා මාරැ කළා කියලා ඵලක් නෑ

0
587

ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයන්ට බැන වැදීමෙන් ඵලක් නැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔවුන් මීට පෙර කී අනාවැකි නිවැරදි බව ඔප්පු වී ඇති බවයි ඔහු කියන්නේ. මීට පෙරද කෘෂි විශේෂඥයන් අනතුරු ඇගවූ අවස්ථාවල ආහාර හිඟයක් ඇති වූ නිසා මෙතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් සූදානමකින් කටයුතු කළ බව ඔහු කියා සිටිනවා.

ගිය කන්නයේ දී ගොවීන් මුණ පෑ තත්ත්වය පිළිබඳව තමන් ගොවීන් ගෙන් සමාව ඉල්ලූ බව පවසන අමාත්‍යවරයා මේ කන්නයේදීත් එවැනි තත්වයක් ඇති නොවන්නට වැඩ කරන්නැයි ඉල්ලා සිටිනවා. එහෙත් අවාසනාවකට එක වරක් නොව දහස් වරක් ගොවීන් ගෙන් සමාව ඉල්ලන්න සිදුවන තරම් වැරදි අඩුපාඩු සිදුව ඇති බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා කියන්නේ.

ලේකම්වරුන් මාරු කිරීමෙන් හෝ ඔලුගෙඩි වෙනස් කිරීමෙන් කෘෂිකර්මය පිළිබඳ පවතින ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here