Sunday, September 22, 2024

ඇණවුම් කළ ඉන්ධන නැව් 3ට කොහෙන් හරි සල්ලි හොයාගෙන ගෙවමු. රුසියා – යුක්රේන අර්බුදය නිසා බොරතෙල් මිල ඉහළ යන්න පුළුවන්

ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව් තුනට කුමන ආකාරයකින් හෝ මුදල් ගෙවා මිලදී ගමු යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඔහු සඳහන් කළේ, මෙම නැව් තුනේ පවතින තෙල්වලට ගෙවිය යුතතේ පැරණි මිල ගණන් අනුව බවයි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ (22) පාර්ලිමේන්තු සභාවාරය අමතමිනි.

රුසියාව සහ යුක්රේනය අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අනිවාර්යයෙන් ඉහළයාමට ඉඩ ඇති බවත් එය ලංකාවට දැඩි ලෙස බලපානු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් අලුතෙන් මිලදී ගන්නා තෙල්වලට නව මිල ගණන් යටතේ ගෙවීමට සිදුවන බවද ඔහු පැවැසීය. යුක්‍රේනය හා රුසියාව අතර පවතින අර්බුදය හමුවේ තවදුරටත් තෙල් මිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුටත් පැවැසීය.

වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද පිළිබඳව කරුණු දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා.

“රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115 ක් වේවි.අපට දැනටත් මුදල් ගෙවන්න නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි.

දැන් රුසියාවේ LNG අරගන්නේ නැත්නම් විශේෂයෙන් යුරෝපයේ කටාර් වල LNG යවන්න වෙනවා යුරෝපෙට. එතකොට, මෙහාට LNG අඩු වෙනවා. ආපහු LNG මිලත් වැඩි වෙනවා. අපේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියන්නේ…”

රටේ පවතින බරපතල ඉන්දන අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසිය.

“විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශයේ කොටස විදේශ ඇමතිතුමා කරයි. එත්, මේ පිලිබඳ ආර්ථිකයට බලපාන එක හෙට උදෙන්ම පුලුවන්නම් ඇමතිතුමාට ඇවිල්ල වාර්තාවක් කරන්න. එතකොට මීට වඩා හොඳට අපට පුළුවන්, මේ විවාදය ඉදිරියට ගෙනියන්න. මම විශේෂයෙන්ම අපේ සභානායක තුමාට කියනවා, එක ඉල්ලීමක් තියනවා.

තෙල් නැව් 3 අපි මිල දීල අරගෙන තියන්නේ පරණ මිලට, කොහොම හරි ඒවාට ගෙවන්න. ඊළඟ සැරේ එනකොට අලුත් මිලට එන්නේ. ඒ නැවු 3 ට කොහොම හරි ගෙවලා දාමු . කොහෙන් හරි හොයාගෙන, මන් දන්නේ නෑ, කොහෙන්ද? හොයන්නේ කියලා . අපි තවත් අරගෙන තියනවා පරණ මිලට, අපි ඒවා කොහොම හරි ගෙවල දාමු, ඊට පස්සේ අනිත් ඒවා ගැන බලමු” යැයි කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles