ඇතැම් අයගේ ක්‍රියාකලාප නිසා මහින්දගේ ගෞරවය ගිලිහිලා

0
306
ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ගෞරවය ගිලිහෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනාධිපතිවරණයේ පරාජයත් සමගින් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගත්තේ නම් ඔහුට එවැනි ඉරණමක් අත් නොවන බවයි.

එප්පාවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයෙකු රටට අත්‍යවශ්‍ය වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here