Friday, January 10, 2025

ඇතැම් පිරිස් රටපුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කර කොවිඩ් වසංගතය නැවත වැඩි කිරීමේ උත්සාහයක යෙදෙනවා-ඇමති රෝහිත

ඇතැම් පිරිස් රටපුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කර කොවිඩ් වසංගතය නැවත වැඩි කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ (10) දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

අභියෝග භාරගෙන රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමේ වගකීමෙන් රජය කටයුතු කරන බවත් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය සමග අභියෝග ජයගෙන ඉදිරියට යන බවත් ග්‍රාමීය නගර සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් විශාල වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත මෙරට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles