Saturday, September 21, 2024

ඇදිරි නීතියට අවනතව හිටියොත් සති 02 කින් මරණ සහ ආසාදිතයින් අඩුකරගන්න පුලුවන්

නිරෝධායන ඇදිරිනීතියට අවනතව මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසුව මෙරටතුල කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව අඩුකර ගතහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

කෙසේ වෙතත් දැනටමත් සමාජය තුල කොවිඩ් වෛරසය දරුණු ආකාරයෙන් ව්‍යාප්තවී ඇති බැවින් පසුගිය දින කිහිපයේ වාර්තා වූ ආකාරයෙන් ඉදිරි සති දෙකක කාලයේදීද කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාම අපේක්ෂා කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මහජනතාව වගකීමෙන් ක්‍රියා නොකලහොත් රට වසා තැබීමෙන් ප්‍රථිඵලයක් නොලැබෙනු ඇති බැවින් හැකිතාක් නිවෙස් තුලටම වී සිටින ලෙසද උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles