“ඇදිරි නීතියේ 05 වෙනි දවස වෙද්දි මිනිස්සු ඔක්කොම එළියේ : රට වහලා තේරුමක් තියෙනවාද ?”

0
284

මහජනතාවගේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් නීරෝධායන ඇදිරි නීතිය පැණවීමෙන් පළක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පණවා දින 5 ක් පමණ ගතවූ පසු ජනතාවගෙන් සාතිශය බහුතරයක් විවිධ හේතු පෙන්වා දෙමින් නිදහසේ සංචරණය කරන බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

අවසාන දින කිහිපය දෙස බැලීමේදී ඉතාම අවාසනාවන්ත ලෙස සහ අවිනීත ලෙස නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් තිබෙන බව පෙනී යන බවත් ඉන් වන්දි ගෙවන්නේ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් හා එය කඩකිරීමට ඉඩදුන් බලධාරීන් පමණක් නොව සමස්ථ රටවැසියන් බැවින් රට ඉතාම බරපතල තත්වයකට පත්විය හැකි බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කල යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා කියා සිටියේ ඉදිරියේදීත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන්නේ දැනට පවතින ආකාරයටමනම් ඉන් කිසිඳු පලක් නොවන බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here