ඇන්ටිජන් පරීක්ෂණ මධ්‍යස්ථානයක් කොළඹට

0
277

කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මධ්‍යස්ථානයක් අද (15) සිට බොරැල්ල කැම්බල් පිටියේදි ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබේ.

ඉරිදා දිනයන්හි හැර උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12 දක්වා මෙම මධ්‍යස්ථානය විවෘතව පවතින අතර මෙහි සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ගාස්තු අය නොකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

කොළඹ නගරයේ යම් අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්දැයි යම් සැකයක් පවතී නම් හෝ කොවිඩ් ආසාදිතයෙකු සමග යම් සමීප ඇසුරක් පවත්වා තිබේ නම්, මෙම මධ්‍යස්ථානයට පැමිණ තමා ද ආසාදිතයෙකු ද නැද්ද යන වග සැක හැර දැනගත හැක.

කොළඹ මහ නගර සීමාව තුළ රැකියා සඳහා පැමිණ සිටින පිරිසට මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින ජනතාවටත් මෙම සේවය ලබා ගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here