ඇන්ටිජන් පරීක්ෂාවෙන් බස්නාහිරින් යන 61ක් ආසාදිතයින් ලෙස හඳුනාගනී

0
794

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දෙසැම්බර් මස 18 වන දින සිට අද (29) උදෑසන 6 දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් එම පිරිස හඳුනාගත් බවය.

ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හඳුනාගත් ආසාදිතයින් 61 දෙනාගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇතැයි ද පැවසු ඒ මහතා, ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළු කළ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

ජනවාරි මස 5 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here