ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ආසාදනය වී චීනයේ ෂැන්ඩොන්ග්හි වයස අවුරැදු 14 ක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඇන්ත්‍රැක්ස් ආසාදනයෙන් තවත් 35 හැවිරිදි පුද්ගලයකු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි එම වාර්තා සඳහන් කළේ.
මෙම බැක්ටීරියාවෙන්, ශාඛ භක්ෂක සතුන්ට දැඩි බලපෑම් එල්ල කරන අතර මිනිස්සුන්ටද බරපතල රෝග තත්වයන් ඇති කරන අවස්ථා පිළිබද වාර්තා වනවා.
අදාළ බැක්ටීරියාව මානවයන් වෙතින් මානවයන්ට සම්ප්‍රේෂණය වීම සිදුවන්නේ කලාතුරකින්.
කෙසේවෙතත්, මාංශ කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සතුන්ගේ රැධිරය හරහා මෙය අසාදනයවීමේ වැඩි ඉඩකඩක් පවතින බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.
බැක්ටීරියාව ආසාදනය වී සිටි ගවයන්ගේ මස් රැධිරය තැවරීම හරහා රෝගයට ගොදුරැ වීමේ ඉහළ අවදානමක් ඇති බව දැනට ඇති පිළිගැනීමයි.