ඇපල් දුරකථන අඩුවට දෙන්න ගිහින් INSTABUY.LK පොලීස් අත්අඩංගුවේ

0
940

කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් ඇපල් වර්ගයේ දුරකථන හා අයිපෑඩ් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෝදර හා මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අදාළ සැකකරුවන් අන්තර්ඡාලය තුළින් හා ආයතනය මඟින් මුදල් ලබාගෙන භාණ්ඩ ලබාදීමක් සිදුකර නැති බවට අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

දැනට ලැබී ඇති පැමිණිලි අනුව මොවුන් විසින් වංචා කර පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 11ක් පමණ වන බවට වාර්තා වී ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ සම්බන්ධයෙන් පැමිණිලි 70කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි ද සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) දින කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here